අද කාලගුණය

55

දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් මුලතිව් සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ද ඇති වේ.උතුරු පළාතේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment