අද කුඩයක් අරන් යන්න

84


දිවයිනේ බොහෝ පදේශවලට අද (20) දිනයේත් වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුවල දකුණු සහ වයඹ පළාත්වලත්ල මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කකවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
බස්නාහිර, සබරගමුවල මධ්‍යම සහ දකුණු පළාත්වලත්ල අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදරටත් නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment