අද කොරෝනා නව ආසාදිතයින් 538ක්

65


කොරෝනා නව ආසාදිතයින් 538ක් අද හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 557,164 දක්වා ඉහළ ගියේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 31ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,158 ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලැබූවන් 376ක් සුවය ලබා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 527,110ක් දක්වා වැඩි විය.

advertistmentadvertistment
advertistmentadvertistment