අද ගිගුරුම් සහිත වැසි

148


දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (09) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම ප්‍රදේශවල ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.

උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවන අතර, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි ඇතිවන බවද එම දෙපාර්තමේනතුව කියා සිටී.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්ල උතුරු උතුරුමැදල වයඹ පළාත්වල සහ හම්බන්තොටල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 50 ක පමණ වේගවත් සුළං හැමිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment