අද ඞීසල් නොදුන්නොත් බලාගාර 3ක් කොට උඩ පැය 3- 4ක් ලයිට්  කපන්න වෙනවා

134

* ඉංජිනේරුවෝ කියති

කැලණිතිස්ස විදුලි බලාගාරයට, එම පරිශ‍්‍ර‍්‍රයේ පිහිටි ද්විත්ව චක‍්‍රීය බලාගාරයට සහ සපුගස්කන්ද බලාගාරයට අද (03 වැනිදා) ඞීසල් ලබා නොදුන්නොත් බලාගාර 3ම නතර වනබව ලංවීම ඉංජිනේරුවෝ පවසති.

මේ වනවිට දෛනික ක‍්‍රියාවලියකට අනුව විදුලි  බලාගාරවලට ඞීසල් ලබාදෙන බැවින් කොයි මොහොතක හෝ පැය තුන හතරක කාලයක් විදුලිය කපා දැමීමට සිදුවන බව ද ඔවුහු කියා සිටිති.

ඒ අනුව ඊයේ (02 වැනිදා) වනවිට කැලණිතිස්ස බලාගාරයෙන් මෙගාවොට් 115ක් ්ද එම පරිශ‍්‍රයේ පිහිටි ද්විත්ව චක‍්‍රීය බලාගාරයෙන් මෙගාවොට් 165ක් ද වරායේ බාච් බලාගාරයෙන් මෙගාවොට් 60ක් ද සපුගස්කන්ද බලාගාරයෙන් මෙගාවොට් 70ක් ද ජාතික විදුලි පද්ධතියට එක්කර තිබිණි.

සපුගස්කන්ද විදුලි බලාගාරයෙන් මෙගාවොට් 160ක් ජනනය කළ හැකි වුවත් ඉන්ධන නොමැති නිසා  බලාගාරයේ විදුලි ජනනය මෙගාවොට් 70ක් දක්වා පහළ දමා ඇත.

පවතින විදුලි අර්බුදය හමුවේ දිනකට පැයක් දෙකක් විදුලිය කපා දැමීමට පියවර ගන්නා ලෙසට විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් පාලනාධිකාරියට දැනුම් දී තිබුණත් මහජන උපයෝගිතා කොමිසම ඊට අවසර ලබා නොදීම නිසා ඉදිරි සති දෙක තුන විදුලි අර්බුදය තීරණාත්මක තැනකට පත්වනු ඇතැයි ද ඉංජිනේරුවරු කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment