අද ජලය කැපෙන තැන්

73

අද (29) පෙරවරු 11 සිට රාත්‍රී 9.00 දක්වා පැය 10ක කාලයක් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.එම මණ්ඩලය පවසන්නේ කොලොන්නාව නගරසභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, රාජගිරිය, බණ්ඩාරනායකපුර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවය. එමෙන්ම අතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත, නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවන බව ද ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කළේය.කොලොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment