අද දවසේ කාලගුණය

100

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වයමේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණිවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එය ඉදිරි පැය24 තුළදී තවදුරටත් වර්ධනය විය හැකි බව ද ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ. උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුළින් බරව පවතී.නැගෙනහිර , ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වැසි ඇතිවිය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment