අද දිනයේ වැස්ස මෙහෙමයි

126

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේදීද වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්‍ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment