අද පාසල් එන දරුවන්ට – ඉබි යතුරු දැම්මොත් ගලවන්න – සරත් වීරසේකර

898

වර්ජනයට එක්ව සිටින විදුහල්පතිවරුන් අද  (21 දා) දින පාසල් විවෘත කිරීමට ඉඩකඩ ලබා නොදුනහොත් ඉබි යතුරු කඩා හෝ පාසල් විවෘත කර දරුවන් ඇතුළු කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ‘දිවයින ‘ට’ ඊයේ (20 දා) පැවසීය.

දරුවන්ට ඇතුළුවීමට ඉඩකඩ ලබා නොදෙන පාසල්වලට අදාළ බල ප‍්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන්, පොලිිසිය සහ දෙමාපියන් යවා එම පාසල් විවෘත කිරීමට අවශ්‍ය උපදෙස් මේ වනවිටත් ලබාදී ඇති බව බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඇතැම් විදුහල්පතිවරුන්ගේ විරෝධය මධ්‍යයේ අද දින පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව කළ විමසීමකදී ඇමැති සරත් වීරසේකර මහතා මේ බව කීය.

එමෙන්ම පාසල් විවෘත කරන විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා මේ වනවිට ක‍්‍රියාමාර්ග ගෙන ඇති බව ද ඇමැතිවරයා පවසයි.

විවෘත කරන පාසල් අවට පොලිස් ආරක්ෂාව යෙදවීමටත් ජංගම මුර සංචාර යෙදවීමටත් අදාළ පොලිස් ප‍්‍රධානීන් වෙත මේ වනවිටත් පොලිස් මූලස්ථානය උපදෙස් ලබාදී ඇත.

පාසල් විවෘත කිරීමට සම්බන්ධවන විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට විවිධ සංවිධානත්මක පුද්ගලයන්ගෙන් එල්ලවී ඇති තර්ජන ගර්ජන නිසා මේ ආකාරයට පාසල් අවට පොලිස් ආරක්ෂාව යෙදවීමට ක‍්‍රියාමාර්ග ගෙන ඇති බව ද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පැවසීය.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200 කට අඩු දිවයිනේ සියලූම පාසල් අද දින විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත.

නෝමන් පලිහවඩන, හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment