අද පාසල් විවෘත වුවද ළමුන්ගේ පැමිණීම දුර්වලයි

930


පාසල් විවෘත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමිව හැටන් අධ්‍යාපන කලාපයට අයත් සිසු සිසුවියන් 200 ට අඩු පාසල් අද විවෘත වුවද ළමුන්ගේ පැමිණීම අඩු මට්ටමක පැවතුණි.
හැටන් අධ්‍යාපන කලාපයේ සිසු සිසුවියන් 200 ට අඩුවෙන් ඇති පාසල් 74 ක් ඇත. ඉන දමිළ මාධ්‍ය පාසල් 53 ක් හා සිංහල මාධ්‍ය පාසල් 21 ක් තිබේ.
ඇතැම් පාසල්වල විදුහල්පතිවරයා සේවයට වාර්ථා කර ඇතත් ගුරුවරුන් නොමැත. තවත් පාසල්වල ගුරුවරුන් ඉතා සුළු පිරිසක් සේවයට වාර්තා කර සිටියහ.
මස්කෙළිය හා නල්ලතන්නිය පොලිස් බල ප්‍රදේශවල එක් සිංහල පාසලක් හා දමිළ පාසල් 06 ක් අද දින විවෘත්ත කර තිබුණි. මෙම පාසල් වැඩි කොටසක් වතු පාසල් වන අතර එම පාසල්වල විදුහල්පතිවරු සේවයට වාර්තා කර තිබුණද ගුරුවරුන් ඉතා සුළු පිරිසක් පැමිණ සිටි අතර ළමයින්ගේ පැමිණිමද ඉතා පහල අගයක තිබුණි.
සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් සිසු සිසුවියන් පාසල් තුළට ඇතුල්වුවද ඉගැන්වීම් කටයුතු සිදු නොවුණි. සෑම පැසලකටම පොලිස් ආරක්ෂාව යොදවා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment