අද පාසල් සිසුන්ට හෙට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සතුන්වත්ත නොමිලේ

64

දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීමට අද දින (23 දා) පැමිණෙන පාසල් සිසුන්ගෙන් කිසිදු මුදලක් අය නොකෙරේ.

සතුන් අපේ මිතුරෝය යන තේමාවෙන් එම සත්වෝද්‍යානය සංවිධානය කරන අධ්‍යාපනික ප්‍රදර්ශනයට සමගාමීව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත. ඊට අමතරව මෙම දිනවල සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නන් ඉලක්ක කර ගනිමින් විශේෂ විනෝදාස්වාද හා අධ්‍යාපනික වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරේ. තවද හෙට 24 දා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වෙන්වූ දිනයක් ලෙස නම් කර එදිනට සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නොමිලයේ ඇතුල් කිරීමට කටයුතු කරන බව ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.

ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment