අද පැය 05ක විදුලි කප්පාදුවක්

129

අද දිනයේ පැය 05කට අධික කාළයක් සඳහා විදුලිය කප්පාදුවක් සඳහා විදුලි මණ්ඩලය වෙත අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියයි.
ඒ අනුව අද ඒ සිට එල් දක්වා කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද පී සිට ඩබ්ලිව් දක්වා කලාප අටකට පැය 04 යි විනාඩි 45 ක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.

ඒ සිට එල් කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා දහවල් කාලයේ පැය 02 යි විනාඩි 30 ක් ද පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද පී සිට ඩබ්ලිව් දක්වා කලාප අටට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය තුනක් ද පස්වරු 5.30 සිට රාත්‍රී 10.45 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 45 ක්ද විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.

advertistmentadvertistment
advertistmentadvertistment