අද පැය 5 ක විදුලි කප්පාදුවක්

85

විදුලි කප්පාදුව අද (04 දා) පැය 05 කට සීමා කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට ඊයේ (03 දා) උපදෙස් දී ඇත.

විදුලිබල මණ්ඩලය විසින් පැය 07 ක විදුලි කප්පාදුවක් සිදු කළ යුතු බවට මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටියත් කොමිසම අවසර ලබාදී ඇත්තේ පැය 05 ක විදුලි කප්පාදුවක් සිදු කරන ලෙස යැයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

එම පැය පහේ කාලය දහවල් කාලයේ පැය තුනක් හෝ හතරක් ලෙසත්, රාත‍්‍රි කාලයේ පැයක් දෙකක් අතර රාත‍්‍රී 10.30 ට පෙර සිදු කරන ලෙසත් උපදෙස් දුන් බව රත්නායක මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment