අද පෙරවරුවේ විදුලිය බිඳවැටීමට හේතු සොයයි

392


අද පෙරවරුවේ දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳවටීමට හේතුව සම්බන්ධව විදුලි බල මණ්ඩලය විමර්ශනයක් ආරම්භකර ඇත.ගම්පහ ,කොළඹ ,මහනුවර දිස්ත්‍රික්ක ප්‍රමුඛව සහ දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක අද පෙරවරු 5.00ට පමණ විදුලිය බිඳවැටී තිබුණි.මෙම විදුලි බිඳවැටීම පැය භාගයත් පැය තුනත් අතර කාලයක් පැවති බව වාර්තාවේ.ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය ඊයේ මධ්‍යම රාත්‍රී සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති ඊයේ රාත්‍රී පැවැති සාකච්ඡාවකින් පසු තාවකාලිකව අත්හිටුවා ඇත.එම වැඩවර්ජනය ආරම්භ වූවේනම් අද පෙරවරු 8.00 සිට දිවයින පුරා විදුලිය බිඳවැටීමේ අවදානමක් මතුවීමට ඉඩ තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment