අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන නිකුත් කරන හැටි

984

ඉන්ධන නැවක් පැමිණෙන තුරු ඛනිජ තෙල් සංස්ථාව සතුව දැනට පවතින ඉන්ධන අද මධ්‍යම රාත්‍රියේ සිට ජූලි මස 10වැනිදා තෙක් නිකුත් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම සඳහා පමණක් බව අද සවස පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත. ඒ අනුව සෞඛ්‍ය ,විදුලිබල වරාය , ප්‍රවාහන ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි මෙම තත්ත්වය මත අන්තර් පළාත් ප්‍රවාහන සේවාවන් ද තාවකාලිකව අත්හිටුවීමට සිදු ඇතැයිද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment