අද මුහුදු රළ ඉහළ යයිලු

211


සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (04) විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්ල බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් විටින් විට පැයට කිලෝමීටර 50-60 පමණ වේගවත් සුළං ඇතිවන බවද සඳහන්ය.

ඊට අමතරව බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල අද දිනයේත් තද සුළං ඇතිවන අතරල පුත්තලම සිට කොළඹල ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

පුත්තලම සිට කොළඹල ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කොලෝමීටර 60-70 පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශයන්හි මුහුදු රළ ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින් කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරතවීමෙන් වැළකිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment