අද රට තුළ යළිත්  දූෂණය හා භීෂණය  හිස ඔසවාගෙන එනවා  – මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්

158

සාධාරණ නීතියක් නැහැ  මිනිස් ජීවිතවලට වටිනාකමක් නැහැ

අද ශී‍්‍ර ලංකාව තුළ සාධාරණව නීතිය කි‍්‍රයාත්මක වන්නේ නැහැ. මිනිස් ජීවිතවල වටිනාකම හඳුනාගෙන කටයුතු කරන්නේ නැහැ. දූෂණය හා භීෂණය යළි හිස ඔසවාගෙන එනවා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කළුතරදී ප‍්‍රකාශ කළහ.

උන්වහන්සේ එසේ ප‍්‍රකාශ කළේ 113 වැනි වරටත් කළුතර ලූර්දු සිද්ධස්ථානයේ පැවැති කළුතර දිසා ලූර්දු මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද ප‍්‍රකාශ කළහ.

අප කතෝලික සභාවේ සිටිනවා යනු පොතක රෙජිස්ටරයක නම ලියා තැබීමක් පමණක් නොවෙයි. කතෝලික සභාවේ ප‍්‍රධාන අරටුව දිව්‍ය පූජා යාගයයි.

අද ශී‍්‍ර ලංකාව තුළ දූෂණය හා භීෂණය යළි හිස ඔසවාගෙන එනවා. කි‍්‍රස්තියානි භාවිතය තුළ අප මේ තත්ත්වය වෙනස් කිරීමට තීරණය කළ යුතුයි.

අපි අපේ රටට ආදරය කළ යුතුයි. රටට සේවය කළ යුතුයි. කි‍්‍රස්තියානි ජීවිත තුළ අපි හරි දේ කළ යුතුයි. යහපත් දේ කළ යුතුයි.

අපි මේ දූෂණය භීෂණය පිටු දකිමු. යහපත් සමාජයක්, පරිසරයක් බිහිකර ගැනීමට කැපවෙමු. රට වෙනුවෙන් අප හට කළ හැකි ලොකුම කැප කිරීම එයයි.

කළුතර මීසම් පාලනාධිපති ලියෝ කැමිලස් හෙට්ටිආරච්චි පියතුමාගේ මූලිකත්වයෙන් මීසම් සභාව මගින් මෙම මංගල්‍ය උත්සවය සංවිධානය කොට තිබුණි.

සටහන හා ඡායාරූප – කළුතර විශේෂ

advertistmentadvertistment
advertistmentadvertistment