අද රෑට ජල කප්පාදුවක්

247

අද රාත්‍රී 10 සිට පැය 10 කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට උදෑසන 08.00 දක්වා කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශවලට සහ මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශවලට ද කොළඹ 04,05,07 සහ 08 යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්තිටුවනු ඇත.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment