අද ලංගම සේවකයන්ට පඩි ගෙවා ගන්නවත්  බැරි තත්ත්වයට වැටිලා

238

බස් රථ 7800 ක් තිබෙන ශ‍්‍රී ලංගමයේ සේවකයන් 32,000 ක් සේවය කරන බවත් සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට අද ලංගම පත්ව ඇති බවත් ශ‍්‍රී ලංගම පොදු සේවක සමිතියේ සභාපති සාගර ධනංජය මහතා ‘‘දිවයින’’ට ඊයේ (15 වැනිදා) පැවසීය.

අද වන විට ලංගම අන්තිම අගාධයට ඇදවැටී ඇතැයිද පැවසූ ඒ මහතා මෙසේද කියා සිටියේය.

වර්තමානයේ සේවකයන්ට පඩි ගෙවාගන්න බැරි තත්ත්වයට ලංගමය පත්වෙලා. 77 දී ලංගම බස් රථ 7500 තිබුණා. එතකොට 55,000 ක පමණ සේවක පිරිසක් සිටියා. ඒ තරම් සේවක පිරිසකට එදා පඩි ගෙව්වා. අද බස්රථ 7800 ක් තියෙන ලංගමයේ 32,000 ක පිරිසක් රැුකියාව කරනවා. අද මේ පිරිසට වැටුප් ගෙවාගන්න බැරි මට්ටමට ලංගමය පත්වෙලා තියෙනවා. මේකට හේතුව බලධාරීන්ගේ හොරා කෑම සහ විෂය භාරව කටයුතු කරන බොහෝ දෙනාගේ අ¥රදර්ශී පිළිවෙතයි.

ලංගම සේවකයන්ගේ පඩිය රෝල ගහලා අරන් ගිහින් මාසේ අන්තිමේ පඩි ගෙවීම හිරකරලා ලංගමට තෙල් ගෙනාවා. ඒ තෙල් තමයි පෞද්ගලික බස් රථවලටත් රජයේ ආයතනවල වාහන සඳහාත් ලබා දෙන්නේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment