අද වැනි දිනක සිදුවූ ඩොලර් ෆාම් සමූල ඝාතනය

912

වසර 37 කට පෙර සිදු වූ කෙන්ට්ෆාම් සහ ඩොලර්ෆාම් සමූලඝාතනය අද අමතක වී ඇත’ සිවිල් ක‍්‍රියාකාරීන් යැයි හඳුන්වාගන්නා පිරිස් හිටි හැටියේ බිහි වූවන් මෙන් රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීහු මේ අපරාධය ගැන සිහිපත් නොකරති’ 1984 නොවැම්බර් 30 දා සිදු වූ මේ අමානුෂික ඝාතනයට 82 ක් ගොදුරු වූහ’ ඒ වෙනින් කවුරුත් නොව සිංහලයන්ය’ ගොවියන්” කාන්තාවන් සහ ළමුන් එම බිහිසුණු ඝාතනයට ලක්වූහ’

අද වැනි දිනක සිදුවූ ඩොලර් ෆාම් සමූල ඝාතනය

නොවැම්බර් 29 දා මැදියම් රැුයේ කොටි ත‍්‍රස්තවාදීහු 60 කට අධික සංඛ්‍යාවක් බස්රථ දෙකක නැගී කෙන්ට් සහ ඩොලර් ගොවිපළ වල් වෙත යද්දී එදා පැවැති බුද්ධි සේවාවට කිසිදු තොරතුරක් ලැබී නොතිබුණි’ මුලින්ම මෙම ගොවිපළවල් දෙකේ සිටි රැුකවලූන් වන කොටි ත‍්‍රස්තයෝ ක‍්‍රියාකළහ’ ඩොලර් ෆාම් ගොවිපළේ සිට කිලෝමීටර් අටක් ඈතින් පිහිටි කෙන්ට් ෆාම් ගොවිපළට ද කඩා වැදුණු කොටි නිදා සිටි සිවිල් වැසියන් මරා දමනු ලැබීය’

අද වැනි දිනක සිදුවූ ඩොලර් ෆාම් සමූල ඝාතනය

මල්වතු ඔය ප‍්‍රදේශයේ පිහිටි මෙම ගොවිපළවල් මුලතිව් දිස්ත‍්‍රික්කයට අයත් විය’ එසේම මුලතිව්” ත‍්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත‍්‍රික් සීමාවන්ට සම්බන්ධව ඩොලර් සහ කෙන්ට් ෆාම් ගොවිපළවල් වලට රජය හමුදා ආරක්‍ෂාව ලබාදී තිබුණේ නැත’

 මෙම ගොවිපළවල් දෙකේ සිටියේ හිටපු සිරකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල අයයි’ එහි සිටි අයගෙන් කාන්තාවන් 31 ක්ද ළමුන් 21 ක්ද ඝාතනය විය’ මෙය යුද අපරාධයක් වුවත් රජය හෝ රාජ්‍ය නොවන සංවිධාන මෙම අපරාධයට එරෙහිව හඬනැ`ගුවේ නැත’

 ගොවිපළවල් දෙකේ සිදු වූ සමූලඝාතනයෙන් පසු හමුදාව ප‍්‍රදේශය වටලා කොටි 30 ක් මරාදැමූ බව ප‍්‍රචාරය කළේය’

 එහෙත් එය සත්‍යයක් නොවේ’ 1984 වසරේ මෙරට පැවැතියේ අතිශයින්ම දුර්වල ආරක්‍ෂක හමුදාවක් සහ බුද්ධි සේවාවකි’ හමුදා නිලධාරින් පවා සිටියේ ප‍්‍රභාකරන් පැරදවිය නොහැකියි යන මානසිකත්වකය’

 එසේම අනුරාධපුර ප‍්‍රදේශයේ මායිම් ගම්මානවලට ආරක්‍ෂාව දීමටද හමුදා බළසේනා වලට නොහැකි වූ බව අනාවරණය විය’ මෙම ඝාතන වලින් පසු 1984 දෙසැම්බර් 1 දා කොටි කෝකිලායි ගොවිපළටද ප‍්‍රහාර එල්ල කර ගොවීන් 11 ක් මරා දැමූහ’

 එසේ වූවත් කිසිදු විදේශ රටක් මේ සමූලඝාතන නතර කරන ලෙස කොටි සංවිධානයට පැවසුවේ නැත’ කෙන්ට් ෆාම් සහ ඩොලර් ෆාම් සහ කෝකිලායි ඝාතන වලින් පසු සිවිල්වැසියන් ඝාතනය කිරීම් 12 ක් සිදුවී ඇත’

 මෙම ඩොලර් ෆාම් සහ කෙන්ට් ෆාම් ඝාතන ගැන මෙයට වසර 2 කට පෙර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත කරුණු ඉදිරිපත් කිරීමට ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ ඊශ‍්‍රායල් ප‍්‍රධානී ජනිත් විමල ක‍්‍රියාකළත් ඒ ගැන කිසිදු පියවරක් ගෙන නැත’

 ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාවේ හමුදාව අමානුෂික අපරාධ කර ඇති බවට චෝදනා කර ඒ සඳහා කටයුතු කිරීමට මැන්ඬේට් බලයක් ඇතැයි පවසා තිබේ’ එහෙත් සිවිල් වැසියන් ඝාතනය කිරීමට එරෙහිව විමර්ශනය කිරීමට මැන්ඬේට් බලයක් මෙතෙක් ප‍්‍රකාශයට පත් වී නැත’

 1984 නොවැම්බර් 30 දා ඩොලර් ෆාම් සහ කෙන්ට් ෆාම් ගොවිපළවල් වල සමූලඝාතන සිදු වී පැය 24 කට පසු දෙසැම්බර් 1 දා කෝකිලායි ගොවිපළේ සමූලඝාතනය සිදු විය’

 * කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment