අද වැසි සහිත කාලගුණයක්

53

සබරගමුව, මධ්‍යම, ඌව, උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්‍තුව නිවේදනය කරයි.

බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ද උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්‍තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment