අද ශී‍්‍රලනිපය බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති විකුණාගෙන කනවා – චන්ද්‍රිකාගෙන් චෝදනා

135

වත්මන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති විකුණාගෙන කන බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය චෝදනා කළාය.

හොරගොල්ල සමාධිය ඉදිරිපිට පැවති දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාගේ 62 වැනි ගුණානුස්මරණ උත්සවය සඳහා ඊයේ (26 දා) උදේ සහභාගි වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය එසේ කියා සිටියාය.

එහිදී තවදුරටත් කතා කළ හිටපු ජනාධිපතිනිය මෙසේද පැවසුවාය.

මේ ගුණසමරුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් සංවිධානය කළේ නැහැ. මේක බණ්ඩාරනායක පවුලෙන් තමයි සංවිධානය කළේ. ඒ අය බණ්ඩාරනායක නම විකුණාගෙන කෑවා මිසක් කිසි දෙයක් සංවිධානය කළේ නැහැ. ඔක්කොම කළේ අපි. මැතිනිය ඒවා කරන්න අපිට ඉඩ සලසලා දීලා ගියේ. පක්‍ෂයේ සභාපති ජනාධිපති වෙලා හිටියනේ අවුරුදු 5 ක්. ඔහුත් ඒ අවුරුදු පහේ මෙතනට ආවේ එක සැරයයි. අද නම් එයි. අනිත් හැම තැනින්ම පන්නලා තියෙන හින්දා. දැන් ආයෙත් බණ්ඩාරනායක නම විකුණගෙන කන්නද දන්නෙ නැහැ හදන්නේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ  කල්එළිය චන්ද්‍රවීර වික‍්‍රමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment