අද සජබය ගත්තු තීන්දුව මෙන්න

570

මේ මොහොතේ රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව වගකීම් සහගත දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගයේ විශ්වාසය බව මීට සුළු වෙලාවකට පෙර අවසන් වූ සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර ඇත.

ඒ අනුව වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන, රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා නොගෙන, පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි ජනබලවේගයේ පූර්ණ සහය ලබා දීමට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතික තීන්දු කරනු ලැබ තිබේ.

එහෙත් සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට සහ සමගි ජන බලවේගයේ මූලික ප්‍රතිපත්තියෙන් බැහැරව ආණ්ඩු පාර්ශ්වයට මන්ත්‍රීවරු සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන්නේ නම් අදාල සහයෝගය කොන්දේසි විරහිතව අත්හිටුවන බවටද මන්ත්‍රී කණ්ඩායම තීන්දු කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment