අද සජිත්ගෙන් ඩිනර් පාටියක්

360


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩ පිළිවෙළට සහයෝගය දැක්වීමට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ආණ්ඩුවට යන බවට මේ වන විට දේශපාලන ප්‍රවෘත්තියක්ව අවසන්ය.
දිගින් දිගටම එම ප්‍රවෘත්තිය විවිධ ආකාරයෙන් ප්‍රසිද්ධ වුවද ආණ්ඩුවට තවම එලෙස මන්ත්‍රීවරුන්ද ගියේ නැත. ඒ අතරතුර අද (03) රාත්‍රී සජබ මන්ත්‍රීවරුන්ට විපක්ෂ නායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රාත්‍රී සාදයක් සූදානම් කර තිබේ.
ඒ පුද්ගලික තරු හෝටලයකදීය. ඊට පෙර එම මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් මෙන්ම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයද රැස්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment