අද සවස වැස්ස

99


ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය නැගෙනහිර වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් අද (30) සවස් කාලයේ සිට දිවයිනේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුරු, නැගෙනහිර, ඌව, උතුරුමැද සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහිදී ඇතැම් ස්ථානවලට මි.මී. 150ක පමණ ඉතා තද වැසිද ඇතිවේ.

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment