අද සහ හෙට විදුලි කප්පාදුවක් !!

265

කප්පාදුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අද (24) විශේෂ ප්‍රකාශයක් කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී.
අද සහ හෙට (24″25) යන දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවද ඔවුන් සඳහන් කළේය.
ඉන්ධන නොමැතිකම හේතුවෙන් මේ වන විට සපුගස්කන්ද බලාගාර මුළුමනින්ම අක්‍රීය තත්ත්වයේ පවතී.

ඒ හේතුවෙන් මෙගාවොට් 110කට ආසන්න විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වී තිබේ .

එමෙන්ම දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය ද අවම මට්ටමක පවතියි .

පවතින තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවනු ඇති බව විදුලි ඉංජිනේරුවරුන් පෙන්වා දෙයි .

advertistmentadvertistment
advertistmentadvertistment