අද ස්ථාන ස්වල්පයක වැසි

67

උතුරු සහ උතුරුමැද පළාත්වල අද (07) දිනයේත් වැසි ස්වල්පයක් ඇතිවන අතර මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊට අමතරව නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් ඇති අතර කාලගුණය කෙරෙහි වූ එහි බලපෑමද අඩුවෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment