අද සාකච්ඡා සාර්ථක නම් ඡන්දයට දිනය කියයි

77

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන්ට අද (7 දා) මැතිවරණ කොමිසමට පැමිණෙන ලෙස ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා ඊයේ (6 දා) පැවසීය.

මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්, පොලිස්පති, මුද්‍රණාලයාධිපතිනිය, බලශක්ති අමාත්‍යාංශ ලේකම්, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඇතුළු කිහිප දෙනකු පෙරවරු 10.30 ට කොමිසමට කැඳවා තිබේ.

අද පවත්වන සාකච්ඡාව සාර්ථක වුවහොත් මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීමට ද කොමිසම අදහස් කරයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment