අද සිට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ

674

අද සිට මෙම මස 31වැනිදා දක්වා ක්‍රියාත්මක වන කොවිඩ් පාලන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කර ඇත.ඒ අනුව කාර්යාලය, සාප්පු සංකීර්ණ, ආපනශාලා, ප්‍රදර්ශනය ශාලා සහ උපකාරක පංති ඒවායේ ධාරිතාවයෙන් හරි අඩක් යටතේ පැවැත්වීමට අවසර ලබා දී ඇත.

උපකාරක පංති පැවැත්විය හැක්කේ 5 ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සදහා පමණි.

සිනමා ශාලා සහ නාට්‍ය ශාලා එහි ධාරිතාවයෙන් සියයට 75 ක් යටතේ ප්‍රේක්ෂකයන් සහභාගී කරවා ගෙන දර්ශන පැවැත්විය හැකිය.වෘත්තීය පුහුණු ආයතන වරකට සියයට 75 ක් පිරිස සහභාගී කරවා ගෙන පාඨමාලා පැවැත්වීම සඳහා අවසර ලබා දී ඇත.කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කළ හැකිය.

අවමංගල්‍ය උත්සව සදහා වරකට පුද්ගලයන් 30 ක් සහභාගී කරවා ගත හැකිය.

පොදු ප්‍රවාහන සේවා ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම සඳහා අවසර ලබා ඇත.

නිවසින් පිටතට යන විට මුව ආවරණ පැළදීම අනිවාර්ය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment