අද සිට සීමාව වැඩි කර පිරවුම්හල්වලට ඉන්ධන දෙනවා – ඇමැති කංචන කියයි

294

අද (08දා) සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් තොග ප්‍රමාණවත් පරිදි ඉන්ධන හල් වෙත බෙදාහරින බවද අත්‍යවශ්‍ය සේවයන්ට අවශ්‍ය ඉන්ධන සැපයීමට ප්‍රමුඛතාව සලසා දෙන බවද විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.

ඒ අනුව පෞද්ගලික මගී බස් රථ, පාසල් ප්‍රවාහන සේවා, කෘෂිකර්ම, සංචාරක යන අංශ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දෙන අතර ධීවර සහ ගොවිතැන් කටයුතු සඳහා හඳුනාගත් ඉන්ධන හල්වලින් ඉන්ධන ලබා දීමට ප්‍රමුඛතාව සලසන බවද ඇමැතිවරයා පැවසීය.

පසුගිය අප්‍රේල් සහ මැයි මාසවල අසාමාන්‍ය ලෙස ඩීසල් සහ පෙට්‍රල් අවශ්‍යතාව ඉහළ ගිය බවත් එම අවශ්‍යතාව පරිදි ඉන්ධන සැපයීමට නොහැකිවූ බවත් කී ඇමැතිවරයා මෙතෙක් පිරවුම් හල්වල සීමා සහිතව ලබාදුන් ඩීසල් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 3200 සිට 5000 දක්වා ඉහළ දමන බවත් කීවේය.

ඊට අමතරව මෙතෙක් මෙටි්‍රක් ටොන් 2800 ට සීමා කර ඇති පෙට්‍රල් ලබාදීම මෙටි්‍රක් ටොන් 3500 දක්වා වැඩි කොට බෙදාහරින බවද ඇමැතිවරයා පැවසීය.

මෙලෙස ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබා දීමට හැකිවන්නේ ඉන්ධන නෞකා මෙරටට පැමිණ ඇති නිසා බවත් බුලි සහ කෑන්වලටද ඉන්ධන නිකුත් කිරීමට අවසර ඇති බවත් ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment