අද-හෙට ඉන්ධන මිල වැඩි කරන්නේ නෑ – සභාපති කියයි

119

ඉන්ධන මිල අද හෙට දිනක ඉහළ දැමීමේ සූදානම් නැතැයි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (13දා) පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියත් ඒ සඳහා මෙතෙක් අනුමැතියක් ලැබී නැතැයි ද ඒ මහතා කීය. පසුගිය මැයි මාසයේදී ඉන්ධන මිල ඉහළ දැමුවේ

පසුගිය අපේ‍්‍රල් මාසයේ සිදු කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන යැයි ද ඒ අනුව බැලීමේදී ඉන්ධන මිල ඉහළ දැමීමට ටික කාලයක් ගතවනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලෝක වෙළෙඳ පොළේ පවතින තත්ත්වය තුළ මෙරට ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බව සඳහන් කරද්දී ඉන්දීය ඔයිල් සමාගම ද ඉන්ධන මිල වැඩි කරන ලෙස ඉල්ලීමක් කර ඇතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය. පෙට‍්‍රල් මිල රුපියල් 15කින් සහ ඞීසල් මිල රුපියල් විස්සකින් ඉහළ දමන ලෙස ඉන්දීය ඔයිල් සමාගම ඉල්ලා ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය. ඉන්ධන මිල ඉහළ නොදමන්නේ නම් සහනයක් ලබා දෙන ලෙස ඛනිජ තෙල් සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතත් මේ දක්වා එයට පිළිතුරක් ලැබී නොමැති බව ද කී ඇමැතිවරයා සහනයක් නොලැබුණහොත් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව ද පැවසීය.

චමින්ද සිල්වා, සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment