අද – හෙට වැසි

195

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අද (12 වැනිදා) සහ හෙට (13 වැනිදා) වැසි ඇතිවිය හැකි බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂිකා ශිරෝමනී ජයවර්ධන මහත්මිය ‘දිවයින’ ට පැවසුවාය.

උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව යන පළාත්වලට අද දිනයේ ඕනෑම වෙලාවක වැසි ඇතිවිය හැකි බව ද ඇය සඳහන් කළාය.

බස්නාහිර, සබරගමුව ඇතුළු සෙසු පළාත්වලටද සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද ඇය කියා සිටියාය.

ලබන අඟහරුවාදායින් (15 වැනිදා) පසු වැසි තත්ත්වයේ අඩුවීමක් යළි බලාපොරොත්තු විය හැකි බව ද ඇය සඳහන් කළාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment