අද හෝ හෙට නොරොච්චෝලෙන් යළි විදුලිය දෙයි

109

සම්පූර්ණයෙන් නතරවී තිබෙන නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ මෙගාවොට් 300 ක් ලබන සිකුරාදා (10 වැනිදා* වනවිට යළි ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමට කටයුතු යොදා තිබේ. 04- පිටුවට

මෙම බලාගාරය මෙගාවොට් 900 කින් සමන්විතය. ජල විදුලි නිෂ්පාදනය උපරිම මට්ටමක තිබූ නිසා මෙම බලාගාරයේ මෙගාවොඞ් 300 ක එක් විදුලි යන්ත‍්‍රයක් පසුගිය කාලයේ නවතා තිබූ අතර විදුලි ඉංජිනේරුවන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අතරතුර රට පුරා සිදු වූ විදුලි බිඳවැටීමත් සමඟ නොරොච්චෝල බලාගාරයේ මෙගාවොට් 600 කින් යුත් විදුලි උත්පාදන යන්ත‍්‍ර‍්‍ර දෙකද ඉකුත් 03 වැනිදා සිට නතර විය. ඉල්ලූමට සරිලන විදුලි බලයක් නොමැති නිසා රාත‍්‍රී කාලයේදී ඇතැම් ප‍්‍රදේශවලට පැයකට ආසන්න කාලයක් විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවිය.

කෙසේ වෙතත් බලාගාරයේ බොයිලේරුවල රශ්මිය අඩුවීමෙන් පසු බලාගාරයේ මෙගාවොට් 300 ක් අද නැතිනම් හෙට යළි ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට පියවර ගනිමින් සිටින බව ලංවිම කියා සිටී.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment