අධ්‍යක්ෂවරුන්ගෙන් සිනමා උළෙලක්

267

ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදය ආරම්භ කර දස වසරක් පිරීම නිමිති කොටගෙන ඉදිරිපත් කරන ‘සිනමාභිමානි – 2023’ දස වර්ෂ පූර්ණ සංවත්සර උළෙල, එළැඹෙන මාර්තු 17 වන දින සවස් යාමයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී මහත් අභිමානවත් ලෙසින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

අධ්‍යක්ෂවරුන්ගෙන් සිනමා උළෙලක්

මෙයට සමගාමීව මෙතෙක් තිරගත නොවූ නවතම සිංහල චිත්‍රපට නවයකින් සමන්විත වූ චිත්‍රපට උළෙලක් එළැඹෙන මාර්තු 13 වන දින සිට 24 දින දක්වා දිවයින පුරා තෝරාගත් සිනමාශාලා 16 කදී තිරගත කරවීමටද සැලසුම් කර ඇත.

අධ්‍යක්ෂවරුන්ගෙන් සිනමා උළෙලක්

මෙම උත්සවයේදී, මෙරට සිනමා කර්මාන්තයේ පැවැත්ම සඳහා උරදුන් සිනමා ප්‍රදර්ශන මණ්ඩල සහ වෙනත් ප්‍රදර්ශන ආයතන, චිත්‍රපට උළෙලට ඔවුනගේ නවතම චිත්‍රපට නොපැකිලිව ලබාදුන් චිත්‍රපට නිෂ්පාදකවරුන් ඇගයීමට ලක් කිරීම සිදුවන අතර, දේශීය සිංහල සිනමාවේ අභිවෘද්ධිය සඳහා සිය නිර්මාණශීලි දායකත්වය එක් කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් දස දෙනෙකු වෙත ප්‍රණාම සම්මාන පිරිනැමීමද මෙහිදි සිදුවෙනු ඇත. එම අධ්‍යක්‍ෂවරුන් වනුයේ, සම්මත සිනමා රටාවේ පුරෝගාමී ජනකතාකරු තිස්ස ලියනසූරිය, මතු පරපුරක පෙර ගමන්කරු වූ සුගතපාල සෙනරත් යාපා, ආකර්ෂණීය සිනමා ශූරයන්ගේ නොමැකෙන ශූරයා නීල් රූපසිංහ, දේශීය සිනමා රූපයේ කිවියා මහාචාර්ය සුනිල් ආරියරත්න, චෛතසික සෞන්දර්යයේ සිනමා ගමන්කරු ආචාර්ය ධර්මසිරි බණ්ඩාරනායක, චිරාගත ජනප්‍රියත්ව සම්ප්‍රදායේ සිනමා සලකුණ සේන සමරසිංහ, ලොවක් තම මව්බිමට යා කළ සිනමාවේදියා වූ චන්ද්‍රන් රත්නම්, ජනාකාර්ෂණයේ නොසිඳුණු රස උල්පත හේමසිරි සෙල්ලප්පෙරුම, සිනමා රූපයේ මාලාකාරිය ආචාර්ය මාලනි ෆොන්සේකා සහ සිංහල සිනමාවේ කිවිඳිය ආචාර්ය සුමිත්‍රා පීරිස් යන මහත්ම මහත්මීන්ය.

අධ්‍යක්ෂවරුන්ගෙන් සිනමා උළෙලක්

මාර්තු 13 චන්න පෙරේරා අධ්‍යක්‍ෂණය කළ ‘සිහින අනන්තේ’ චිත්‍රපටය. චන්න පෙරේරා, මාලිනි ෆොන්සේකා, ක්ලීටස් මෙන්ඩිස්, ශෙෂාද්‍රි ප්‍රියසාද්, මොරින් චාරුණි, නිම්හාරා සේනානායක, කුසුම් රේණු ඇතු`ඵ පිරිසක් මෙහි රංගනයෙන් එක්වී ඇත. ජනක එදිරිසූරිය, ෆයාස් නජිමුඩින්, ෆසාල් අහමඩ්, ධනුක ගමගේ, ප්‍රසාද් වෙල්ලාලගේ සහ ප්‍රසාද් ප්‍රනාන්දු මේ සඳහා නිෂ්පාදන දායකත්වය දක්වා ඇත.

අධ්‍යක්ෂවරුන්ගෙන් සිනමා උළෙලක්

මාර්තු 14 දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්‍ෂණය කළ ‘ගිරිවැසිපුර’ චිත්‍රපටය. මෙහි පුබුදු චතුරංග, මහේන්ද්‍ර පෙරේරා, නිරංජනී සම්මුගරාජා, බුද්ධික ලොකුකැටිය, අමිත්ත වීරසිංහ, රොෂාන් පිලපිටිය, කිංස්ලි ලෝස්, දයා තෙන්නකෝන් ඇතු`ඵ පිරිසක් රංගනයෙන් දායකව ඇත. කලා කීර්ති ශ්‍රී දමින්ද උපාලි ප්‍රනාන්දු විසින් මෙය නිෂ්පාදනය කර ඇත.

මාර්තු 15 සුරංග ද අල්විස් අධ්‍යක්‍ෂණය කළ ‘කිඩ්නැප්’ චිත්‍රපටය. මහේන්ද්‍ර පෙරේරා, දුලානි අනුරාධා, බුද්ධික ජයරත්න, අර්ජුන කමලනාත්, අමීෂා කාවින්දි, ධනංජය සිරිවර්ධන, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ශිරෝමිකා ප්‍රනාන්දු, මානෙල් වානගුරු ඇතු`ඵ පිරිසක් රංගන දායකත්වය දක්වා ඇති අතර, මෙය ඉසුරු ෆිල්ම්ස් සහ සංගීතා ෆිල්ම්ස් ඒකාබද්ධ නිෂ්පාදනයකි.

අධ්‍යක්ෂවරුන්ගෙන් සිනමා උළෙලක්

මාර්තු 16 ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‍ෂණය කළ ‘මිදුණු විශ්වය’ චිත්‍රපටය. උද්දික ප්‍රේමරත්න, උදාරි වර්ණකුලසූරිය, බුද්ධික ජයරත්න, චුලක්ෂි රණතුංග, ශ්‍රියන්ත මෙන්ඩිස්, දමිතා අබේරත්න, කුසුම් රේණු, ගාමිණි ජයලත්, හේමන්ත රන්දුනු ඇතුළු විශාල නළු නිළි පිරිසක් එක්වී ඇති මෙය, රුවන් ජයසිංහගේ නිෂ්පාදනයකි.

මාර්තු 20 ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සිංහබාහු’ චිත්‍රපටය. රංගනයෙන් අකිල ධනුද්ධර, සජිත අනුත්තර, දුශේනි සිල්වා, යශෝදරා විමලධර්ම, සිනෙති අකිලා, අභිලාෂි ශංතුෂ්කි, ධර්මප්‍රිය ඩයස්, නිරංජනි සම්මුගරාජ ඇතු`ඵ පිරිසක් දායකව ඇති මෙහි නිෂ්පාදනය රේණුකා බාලසූරිය සමඟින් ගාමිණි වික්‍රමසිංහගෙනි.

අධ්‍යක්ෂවරුන්ගෙන් සිනමා උළෙලක්

මාර්තු 21 සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්‍ෂණය කළ ‘සීරුවෙන්’ චිත්‍රපටය. ජැක්සන් ඇන්තනි, දසුන් පතිරණ, බුද්ධික ජයරත්න, සේමිණි ඉද්දමල්ගොඩ, සුදත් ඇන්තනි, ඩිෂ්නි උමාරියෝ රාජපක්‍ෂ රංගනයෙන් එක්වී ඇති මෙය නිහාල් විජේසිංහගේ නිෂ්පාදනයකි.

අධ්‍යක්ෂවරුන්ගෙන් සිනමා උළෙලක්

මාර්තු 22 ක්‍රිස් ඇන්තනි අධ්‍යක්‍ෂණය කළ ‘පාස්පෝට්’ චිත්‍රපටය. රංගනයෙන් ජගත් චමිල, නයනතාරා වික්‍රමාරච්චි, ධර්මප්‍රිය ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, දර්ශන් ධර්මරාජ්, රොෂාන් පිලපිටිය, අතුල ජයසිංහ ඇතු`ඵ පිරිසක් එක්වී ඇති මෙය වෛද්‍ය චන්දික විජන්ජිත් තාබුගලගේ නිෂ්පාදනයකි.

මාර්තු 23 අරුණ ජයවර්ධන අධ්‍යක්‍ෂණය කළ ‘1970 ලව් ස්ටෝරි’ චිත්‍රපටය. හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, බිමල් ජයකොඩි, අසංග පෙරේරා, ගම්‍යා විජේදාස, සඳනි ප්‍රනාන්දු, සරත් කොතලාවල, සමන් හේමරත්න රංගනයෙන් එක්වී ඇති මෙය සමන් එදිරිසිංහගේ නිෂ්පාදනයකි.

අධ්‍යක්ෂවරුන්ගෙන් සිනමා උළෙලක්

මාර්තු 24 උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්‍ෂණය කළ ‘රිදී සීනු’ චිත්‍රපටය. රංගන දායකත්වයෙන් රවින්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, උපේක්ෂා ස්වර්ණමාලි, ශ්‍යාම් ප්‍රනාන්දු, රොජර් සෙනෙවිරත්න, ශ්‍රී මාල් වෙඩිසිංහ එක් වී ඇති මෙය නිශාන් හේවා ගමගේ නිෂ්පාදනයකි.

● ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment