අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි නඩුව – රන්ජන් සමාව ගන්න ලෑස්තියි – නීතිඥ උසාවියට දන්වයි

380

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත්කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව කීපයක් විසින් ගොනු කර තිබූ පෙත්සම් විභාග කිරීමට පත්කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකදී දැක්වූ අදහස් වලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්නම් කොන්දේසි විරහිතව අධිකරණයෙන් සමාව ගැනීමට රන්ජන් රාමනායක මහතා සුදානම් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඊයේ (09 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට ප‍්‍රකාශ කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තම සේවාදායකයාට නොතිබූ බවත් රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබු දෙවන නඩුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා හා යසන්ත කෝදාගොඩ යන විනිසුරු ම`ඩුල්ල හමුවේදී ඊයේ (09 දා) කැඳවූ අතර එම නඩුව ලබන 25 වැනිදා කැඳවීමට ද විනිසුරු ම`ඩුල්ල වැඩිදුරටත් නියෝග කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment