අධිකරණයේ ස්වාධීනත්වය රැකදී රටේ ගෞරවය රැක දීමට චන්ද‍්‍රිකා ක‍්‍රියා කළා – හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක

342

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ චරිතාපදානය ඇතුළත් තරිඳු තොටවත්ත විසින් රචිත ස්වයං කථන චරිතාපදානය චන්ද්‍රිකා කෘතිය ඊයේ (14 දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එළිදැක්විණි.

එහි පළමු පිටපත කර්තෘ තරි`දු සහ සරසවි ප‍්‍රකාශක එඞ්.ඞී.පේ‍්‍රමසිරි යන මහත්වරුන් විසින් අත්තනගල්ල රජමහා විහාරාධිපති පන්නිල ශ‍්‍රී ආනන්ද හිමියන් වෙත පිළිගන්වන ලද අයුරු.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ගැන මෙතෙක් ලියැවුණු කෘතීන්වලට වඩා ‘චන්ද්‍රිකා’ කෘතිය වෙනස්ම කෘතියක් බවට පත්වෙන්නේ මෙහි ලියැවී ඇත්තේ හිටපු ජනාධිපතිනිය ගැන නොව චන්ද්‍රිකා නමැති කාන්තාව ගැන පමණක් බව නිසා යැයි හිටපු අගවිනිසුරුවරියක වන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පැවසුවාය.

ඇය මේ බැව් පැවසුවේ ඊයේ (14 දා* කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී එළිදැක්වූ ‘චන්ද්‍රිකා’ කෘතිය එළිදැක්වීමේ උළෙලේදීය.

එහිදී ඇය මෙසේද පැවසුවාය.

තමා ගත කළ විශ්වවිද්‍යාලයේ දශක තුනක කාලය තුළ සහ අගවිනිසුරුවරිය ලෙස කටයුතු කරන කාලයේදී මට ඇය හමුවී ඇත්තේ ඉතා සීමිත අවස්ථාවන් කිහිපයකදී පමණි.

වසර දෙසීයක පමණ ඉතිහාසයක් තුළ ශ‍්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට කාන්තා අගවිනිසුරුවරියක් ලෙස මා පත් කළ අතර ඇය 1996 වසරේ ජනාධිපති ධුරයට පත්ව 2005 වසරේ සිය ධුරයෙන් ඉවත්වනතුරු අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කළා. කිසිදු අයුරකින් අධිකරණයට බලපෑම් කළේ නැහැ.

එනිසා මෙම කෘතිය එළිදක්වන උළෙලට තමාට කළ ආරාධනය පිළිගැනීමට හේතුවූවා. කෘතිය තුළ ඇය අත්විඳි විවිධ හැළහැප්පීම් අන්තර්ගතව ඇති අතර ඒ අනුව මෙම කෘතිය තුළ මහා නුග වෘක්ෂයක කුහුඹුවකුගේ දැක්මක් ලෙස හැඳින්විය හැකිය.

කුහුඹුවාට නුග ගසේ මුල සිට ගසේ අතුපතර කොළ ආදී සියල්ල දැකිය හැකි සේම මෙහිදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගැන බොහෝ තොරතුරු සඳහන්ව ඇත.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, දේශපාලනඥයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment