අධිකරණ තහනමද නොතකා පවත්වන්නට හැදූ ‘මහවිරු’ තහනම්

261

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් යාපනයේ ස්ථාන කීපයක සංවිධානය කොට තිබූ මහවිරු උළෙලවල් හා ඒ සඳහා පෙර සූදානම් වීමේ අවස්ථාවන් කීපයක් යුද හමුදාව හා පොලිසිය විසින් පෙරේදා (24 දා) වළක්වා තිබේ.

කණ්ඩායම් වශයෙන් පැමිණ යාපනයේ පේදුරුතුඩුව, කෝපායි, කයිට්ස් යන ප‍්‍රදේශවල පිහිටි සුසාන භූමි ශුද්ධ පවිත‍්‍ර කරමින් මහවිරු උළෙලවල් පැවැත්වීමට කටයුතු සුදානම් කළ අයව යුද හමුදාව හා පොලිසිය විසින් අවවාදකොට පළවා හැර තිබේ.

එසේ පැමිණි පිරිස්වල නම් ගම් ආරක්ෂක අංශ විසින් ලේඛන ගතකොට ඇති අතර ඔවුන් පැමිණි වාහනවල විස්තරද සටහන් කරගෙන තිබේ.

මේ වනවිට උතුරේ පළාත් ගණනාවක මහවිරු උළෙල පැවැත්වීම තහනම් කරමින් ඒ ඒ ප‍්‍රදේශවල අධිකරණ විසින් තහනම් නියෝග පනවා තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment