අධිකරණ තීන්දුවට විදුලි ඇමැති හිස නමයි

123

විදුලිබල පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සංශෝධන සියල්ල පිළිගැනීමට ආණ්ඩුව එකඟ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඊයේ අංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම්දී අනුමැතිය ලබාගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එබැවින් එම පනත් කෙටුම්පතට වෙනත් සංශෝධන ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බවද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment