අධිකරණ නියෝගයට අවනත නොවූ සනත් – මිලාන් ඇතුළු 4කට උසාවියෙන්  දැඩි අවවාද

714

දුරකථන සී. අයි. ඩීයට භාරදෙන්නත් කියයි

මැයි 9 සාමකාමී අරගලයට සිදු කළ අමානුෂික ප්‍රහාරය


ගාලු මුවදොර පිටියේ රැඳී සිටි සාමකාමී අරගලකරුවන්ට පසුගිය මැයි 9 දා අමානුෂික ලෙස පහරදීමට අදාළව සිදුකරන විමර්ශන සඳහා ජංගම දුරකථන අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස තම අධිකරණය විසින් කරන ලද නියෝග අනුව කටයුතු නොකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක දෙදෙනාටත් සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් හා නාලක විජේසිංහ හෙවත් සනා මාලක යන දෙදෙනාටත් තරයේ අවවාද කළ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ජංගම දුරකථන අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන තෙක් ඔවුන් බන්ධනාගාර නිලධාරීන් භාරයේ තබා ගන්නා ලෙසට ඊයේ (24 දා) පස්වරුවේ නියෝග කළේය.

අධිකරණ නියෝගවලට අවනත නොවීම හා අධිකරණයට සහාය ලබා නොදීම ඉතා බරපතළ වරදක් බවත් අධිකරණ නියෝග කඩකරන්නේ නම් ඇප අවලංගු කර රක්‍ෂිත බන්ධනාගාර ගත කරන බවටත් සැකකරුවන්ට තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා ජංගම අදුරකථන භාරදුන් පසු එම සැකකරුවන් මුදාහරින ලෙසටද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

පෙර නඩු දිනයේදී එම සැකරුවන් ඔවුන් භාවිතා කළ ජංගම දුරකථන ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසට අධිකරණය නියෝග කර ඇතත් එම නියෝගය අනුව කටයුතු නොකර සිටීම අධිකරණයට කළ අපහාසයක් බව පවසමින් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකාබැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment