අධිකරණ නියෝග නොතකා යාපනයේ උද්ඝෝෂණය කළ ගජේන්ද්‍රන්ට ඇප

92

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වතුරේ ගජේන්ද්‍රන් මහතා ඇතුළු පස්දෙනකු පොලිසිය විසින් පෙරේදා (23 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය කන්කසන්තුරේ ශ්‍රී තිස්ස විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා කළ උද්ඝෝෂණයක් නිසා මන්ත්‍රීවරයා ඇතුලු පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.

එම ස්ථානයේ විරෝධතා නොපවත්වන ලෙස කන්කසන්තුරේ පොලිසිය විසින් ලබාගත් අධිකරණ නියෝගයක් නොතකා මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් විරෝධතාවයක් පැවැත්වූ අවස්ථාවේදී එම පිරිස අත් අඩංගුවට ගෙන තිබේ. පොලිසිය මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු පොලිසිය සමග පොර බැදීම නිසා පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරයා ඔසවා ගෙන ගොස් ජීප් රථයට දමාගෙන තිබේ. කන්කසන්තුරේ අධිකරණයට ඉදිරිපත් කළ මන්ත්‍රීවරයාව ඇප මත නිදහස් කොට ඇත.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment