අධික උෂ්ණත්වයෙන් යුරෝපය තැම්බෙයි

426

දේශගුණික විපර්යාසයන් හේතුවෙන් හට ගන්නා ගෝලීය උණුසුම මත යුරෝපයේ රටවල් ගණනාවක හටගෙන ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය නිසා ඉකුත් සති අන්තයේ එම රටවල සෙල්සියස් අංශක 40 සිට 43 දක්වා වන ඉහළ උෂ්ණත්වයක් පැවති බව යුරෝපා කාලගුණ විද්‍යාඥයෝ පවසති. ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය ඇතුළු යුරෝපා රටවල් ගණනාවක මෙම අධික උණුසුම් කාලගුණ තත්ත්වය තිබී ඇති අතර ඉන් වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ ප්‍රංශයෙනි. මෙම අධික උෂ්ණත්වය මත හටගෙන ඇති තාප තරංග (හීට් වේව්) නිසා දැඩි වශයෙන් බලපෑම් එල්ල වී ඇත්තේ ප්‍රංශයටය. මෙම තත්ත්වය මත යුරෝපා වැසියන් දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්ව සිටින බව වාර්තා වේ.

අධික උණුසුම හේතුවෙන් ප්‍රංශයේ සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ වැඩසටහන් ගණනාවක්ම අවලංගු කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. ඊයේ (21දා) වන විට අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයේ යම් කිසි අඩුවීමක් යුරෝපා රටවල දක්නට ලැබුණද එම කාලගුණ තත්ත්වය සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බව වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment