අධික කොලෙස්ටරෝල් තැන්පතුවට ප්‍රතිකාර

1440

වර්තමානයේ බොහෝදෙනා පීඩා විඳින රෝගයක් වන්නේ සිරුරේ රුධිර නාල තුළ අධික ලෙස කොලෙස්ටරෝල් තැන්පත්වී තිබීමය.

මෙලෙස අධික ලෙස රුධිනාල තුළ කොලෙස්ටරෝල් තැන්පත්වීම හේතුවෙන් අධිරුධිර පීඩනය, හෘදයාබාධ ඇතිවීම පමණක් නොව, වකුගඩු ක්‍රියාකාරීත්වය දුර්වලවීම, අක්මාවේ විවිධ රෝගාබාධ හටගැනීම, අංශභාග තත්ත්වයට පත්වී ඇසේ පෙනීමේ දුර්වලතා ඇතිවීම ආදිය ද සිදුවිය හැකිය.

● කොලෙස්ටරෝල් අධිකව තැන්පත්වීම

ආයුර්වේදය සහ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයට මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවන්නේ සිරුරේ ආහාර ජීර්ණය නිසිලෙස සිදු නොවීමය.

අප ගනු ලබන ආහාර අක්මාව, අග්න්‍යාසය සහ පිත්තාශය හරහා එන ශ්‍රාවය මගින් ආමාශයේදී හොඳින් දිරවීම හෙවත් අග්නි ක්‍රියාකාරීත්වයකට ලක්වේ. එසේ දිරවීමට ලක්වූ ආහාරය කොටස් වලට බෙදේ. රස, රක්ත, මාංශ, මේදය, ශුක්‍ර ආදී ලෙස මෙම ආහාර කොටස් බෙදී සිරුරට උරාගැනීම සිදුවේ.

එසේ උරාගනු ලබන පෝෂණ කොටස් රුධිරය හරහා සිරුර පුරා ගමන් කරයි.

මෙහිදී ආහාර නිසිලෙස ජීර්ණයට ලක්නොවූ විට රුධිරයට එක්වන ආහාරයේ පෝෂණ කොටස්වල වෙනස්වීම් සිදුවේ. එනම් ආහාර විෂ සහිත වේ. එහිදී ආහාරයේ ඇති මේද කොටස් රුධිරයට වැඩිපුර එක්වීම මත ඒවා රුධිරනාල තුළ අධික ලෙස තැන්පත්වීමට බලපායි. එනිසා කොලෙස්ටරෝල් තැන්පත්වීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ආහාර ජීර්ණයේ ගැටලුය.

මෙම තත්ත්වය වැඩිකිරීමට බලපාන වෙනත් බාහිර හේතු අතර මානසික ආතතිය, දුම්පානය, මත්පැන් පානය, ව්‍යායාම මදිකම ආදියද බලපායි.

මෙහිදී රුධිර නාල තුළ අහිතකර ලෙස මේදය තැන්පත්වීම පමණක් නොව ඉතා කුඩා රුධිර කැටි, කුඩා රුධිර නාල වෙත ගමන්කර ඒවා අවහිරවීමට ලක්වේ.

එවිට සිරුරේ එක් කොටසක් අප්‍රාණිකවීම හෝ එහි ක්‍රියාකාරීත්වයේ දුර්වලතාහට ගැනීම ආදියද සිදුවේ.

එසේම සිරුරේ අධික ලෙස කොලෙස්ටරෝල් තැන්පත්වීම නිසා රුධිර පීඩනය ඉහළයෑම, හෘදයාබාධ ඇතිවීම පමණක් නොව සිරුරේ සියලුම ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරයි. එනිසා ආයුර්වේදයේ දී සහ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේදී මේ සඳහා ප්‍රතිකාර සිදුකරන්නේ කොලෙස්ටරෝල් අධිකව තැන්පත්වීම පාලනය සඳහා පමණක් නොවේ. සිරුරේ සියලුම ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වය නිවැරදිව සිදුවීම සඳහා අවශ්‍ය කරන ඖෂධීය ප්‍රතිකාරද ලබාදෙමිනි. ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයට යොමුවේ. එම ගැටලු නිවැරදි කිරීමෙන් රෝගියා තුළ පවතින රෝග රැසක් සුවපත් වේ. සාමාන්‍යයෙන් ආයුර්වේදය හෝ දේශීය ප්‍රතිකාර වෙත රෝගියෙක් පැමිණෙන්නේ රෝගය සංකීර්ණත්වයට පත්කරගෙනය. එනිසා ඔවුනට ප්‍රතිකාර කිරීමේදී ඔවුන් පවසන රෝගයට පමණක් නොව සිරුර අභ්‍යන්තරයේ මතුව ඇති තවත් රෝග රැසකට ප්‍රතිකාර කිරීමට සිදුවේ. එය මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමෙන් අප ලබා ඇති අත්දැකීම්ය.

කොලෙස්ටරෝල් තැන්පත්වීමට බලපාන ප්‍රධානතම හේතුව වන ආහාර විෂවීම වළක්වා ගැනීම සඳහා ආහාර ජීර්ණ ක්‍රියාවලිය යළි ශක්තිමත් කිරීම මෙන්ම දම් පැහැති ආහාර වර්ග බහුලව ආහාරයට ගැනීමටද හුරුවිය යුතුය. එය නිසි වෛද්‍ය උපදෙස් මත සිදුකළ හැකිය.

මෙහිදී නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අතර උණු ජලය පානය කළ යුතුය. එහිදී තමා පානය කරන එම උණු වතුර වීදුරුවට සුදුලූනු බිකක් එක්කර එම සුදුලූනු සහිත ජලය පානය වඩාත් සුදුසුය. කරපිංචා යුෂ පානයද ගුණදායකය. එසේම ආයුර්වේද සහ දේශීය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේදී රස වෛද්‍ය ප්‍රතිකාර ආදිය භාවිතා කරමින් සිරුරේ විෂ සහිත කොටස් ඉවත් කර සිරුර පිරිසිදු කරනු ලැබේ. එසේ සිරුර පිරිසිදු කරන විට අධික කොලෙස්ටරෝල් තත්ත්වය සඳහා බලපෑ රෝග

රැසක් සුවපත් වන බැවින් අධික ලෙස කොලෙස්ටරෝල් තැන්පත්වීම පාලනය වීම පමණක් නොව එසේ සිදුවීම සම්පූර්ණයෙන්ම සුවපත් වේ. එනිසා අදාළ රෝගයට නොව රෝගයට බලපා ඇති රෝග මූලයනට ප්‍රතිකාර කිරීම මත එවැනි පුද්ගලයන්ට තම ජීවිත කාලය පුරාවට ඖෂධ ගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවේ. එසේම වර්තමානයේ ආයුර්වේද ඖෂධ නිසි ලෙස සකස්කර රෝගියාට ලබාදෙන බැවින් ඖෂධ ලබාගැනීමේ ගැටලුද මතු නොවේ.

වැඩිදුර විස්තර සඳහා 077-8985757 ඇමැතිය හැකිය.

අධික කොලෙස්ටරෝල් තැන්පතුවට ප්‍රතිකාර

ආයුර්වේද, පාරම්පරික, දේශීය, සර්වාංග, රස වෛi
 ආචාර්ය වජිරජීව සරත් කුමාර
 ජීවබල වෙද මැඳුර අංක 46/2/4
 නැඟෙනහිර මාවත, කිරිල්ලවල, කඩවත.

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment