අධික වැසි නිසා ජපානයේ ලක්ෂ විස්සකට පීඩා

301

ජපානයේ ප‍්‍රදේශ ගණනාවකට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් එම ප‍්‍රදේශවල වාසය කරන මිලියන දෙකකට ආසන්න ජනතාවකට සිය නිවෙස්වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ජපන් බලධාරීන් විසින් දැනුම් දී තිබේ.

 ‘ෆුකුඔකා’, ‘හිරෝෂිමා’ ඇතුළු ජපානයේ ප‍්‍රදේශ ගණනාවක වාසය කරන ජනතාවට පවතින අධික වැසි හේතුවෙන් ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර අධික වැසි හේතුවෙන් නාගසාකි නගරයේ හටගත් නායයෑමකින් නිවාස දෙකක් විනාශ වී යෑමෙන් එක් කාන්තාවක් මියගොස් ඇයගේ සැමියා හා දියණිය අතුරුදන් වී තිබේ.

 අධික වැසි හේතුවෙන් ආපදාවට ලක්ව ඇති ජපාන නගර සංඛ්‍යාව හතක් පමණ වන අතර එම නගරවල මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා සිදුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment