අධික වැසි හේතුවෙන් මුම්බායි නගරයට රතු නිවේදනයක්

121

පසුගිය දිනවල හටගෙන තිබූ අධික වර්ෂාව හේතුවෙන් දරුණු ජල ගැලීම්වලට ගොදුරු වී සිටින ඉන්දියාවේ මුම්බායි නගරයට තවත් අධික වර්ෂාව ඇද හැළෙන බවට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

මුම්බායි නගරයට ඊයේ (08දා) සිට දරාගත නොහැකි තරම් දැඩි වර්ෂාපතනයක් පතිත වීමට නියමිතව තිබෙන බවත් මෙම නිසා නගරයේ තවත් ප්‍රදේශ ජල ගැලීම්වලට ලක් වනු ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනය හරහා අනතුරු අඟවා තිබේ. පසුගිය දිනවල හටගත් අධික වැසි හේතුවෙන් මුම්බායි නගරයේ දිස්ත්‍රික්ක ගණනාවක් ඉකුත් සඳුදා සිට ජලයෙන් යට වී ඇති අතර දහස් ගණනක් අවතැන්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment