අධික වේගයෙන් ගිය ත‍්‍රිරෝදය තරුණයින් දෙදෙනෙකුට මරණය කැන්දයි

408

තණමල්විල හම්බේගමුව මාර්ගයේ මයිලගම ප‍්‍රදේශයේදී පෙරේදා (21) සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි හම්බේගමුව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හම්බේගමුව කොටවෙහෙරමංකඩ 01 කණුව අසල පදිංචි පෑලියගොඩගේ සඳරුවන් සංකල්ප (16) සහ කොටවෙහෙරමංකඩ සමගිගම පදිංචි නෙටුල වත්තලාගේ ඉසුරු ලක්ෂ්මන් ප‍්‍රියදර්ශන (17) නමැති තරුණයින් දෙදෙනාය.

මෙම දෙදෙනා ත‍්‍රීවීල් රථයකින් කුලී ගමනක් යමින් සිටියදී ත‍්‍රීවීල් රථයේ රියදුරුට ත‍්‍රීවීල් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් හික් ගසක හැපී ඇත.

අනතුරෙන් තුවාල ලැබූ රියදුරු සහ පිටුපස සිටි තරුණයින් දෙදෙනා හම්බේගමුව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට බරපතළ තුවාල සහිතව සිටි තරුණයින් දෙදෙනා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

හම්බේගමුව පොලිස් ස්ථානාධිපති ඞී.එම්. විජේසුන්දර මහතා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment