අධිතාක්‍ෂණික ස්කෑන් යන්ත‍්‍රයක් සමග 5ක් වවුනියාවේදී දැලේ

357

පෞරාණික නිධන් වස්තු සහ උතුරු නැෙඟනහිර පළාත්වල වළ දමා ඇති බව කියන රත‍්‍රං තොග සොයා ගැනීම සඳහා අධිතාක්‍ෂණික ස්කෑන් යන්ත‍්‍රයක් රැුගෙන යමින් සිටි සංවිධානාත්මක කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා (27 වැනිදා* රාති‍්‍ර වවුනියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

පස්දෙනකු ගෙන් සමන්විත මෙම කල්ලිය සන්තකයේ තිබී පොළොව අභ්‍යන්තරය නිරීක්‍ෂණය කිරීමේ අධිතාක්‍ෂණ උපකරණයක් සහ ඔවුන් ගමන් ගත් ඩබල් කැබ් රථය ද විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පොලිස් පරීක්‍ෂක ඒ. ජී. එන්. කරුණාතිලක ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් වව්නියාව ති‍්‍රකුණාමලය මාර්ගයේ වව්නියාව පොදුවෙළෙඳ සංකීර්ණය අසල කළ වැටලීමක දී සැකකරුවන් සමග මෙම ස්කෑන් යන්ත‍්‍රය ඇතුළු අනෙකුත් භාණ්ඩ අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 32, 42, 48, 52 යන වයස්සීමාවල පසුවන අතර ඔවුහු දොම්පෙ, මල්වත්ත, අංගොඩ, මහනුවර, පුත්තලම ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. පහුගිය යුද සමයේදී එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් වළදමා ඇති බවට සැකකරන රත‍්‍රං තොග ගොඩගැනීම සඳහා හෝ වළ දමා ඇති නිධන්වස්තු සොයා ගැනීම සඳහා ස්කෑන් යන්ත‍්‍රය යොදා ගන්නට සැලසුම්කර ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

හේමන්ත රන්දුණු, ප‍්‍රභාත් විතාන, ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment