අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් සමග තවත් යුද උපකරණ කැලයකින් සොයාගැනේ

259

එල් ටී ටී ඊ සංවිධානය විසින් නිෂ්පාදනය කරන ලද අධි බලැති ක්ලේමෝ බෝම්බ දෙකක් සමග තවත් යුද උපකරණ තොගයක් කිසියම් අයෙකු විසින් යාපනයේ කොඩිගාමම් වරණී කුඩමියන් ප‍්‍රදේශයේ කැළයකට ගෙනැවිත් දමා තිබියදී කොඩිගාමම් පොලිසිය විසින් සොයා ගෙන තිබේ

පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සොයා ගත් මෙම අධි බලැති ක්ලේමෝ බෝම්බය කිලෝ ග‍්‍රෑම් 15 ක් පමණ බර බවත් එල්ටීටීඊ සංවිධානය විසින් නිපදවන ලද කපිතාන් බවන්- අයි – 99 ලෙස ඔවුන් මෙය හැඳින්වූ බවත් පොලිසිය පැවසීය. මෙම ක්ලේමෝ බෝම්බ දෙක ඇතුලූ පුපුරණ ද්‍රව්‍ය තොගය මෙම ස්ථානයට මෑතකදී ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ සහය මත සිද්ධිය සම්බන්ධයෙන් කොඩිගාමම් පොලිසිය පරීක්ෂණ පවත්වයි

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment