අධිබලැති පුපුරන ද්‍රව්‍ය සමග ඇල්ලූ කොටි බුද්ධි අංශ හිටපු නි. නායක දිවි ඇති තෙක් හිරේ

209

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය නායකයකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා වූ සිර ද`ඩුවමක් 5 දා නියම කොට තිබේ.

කිළිනොච්චියේ තාවකාලික ලිපිනයක පදිංචිව සිටි තංගවේලූ නිමලන් නමැති මෙම සැකකරු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අධි බලැති පුපුරන ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් දෙකක් ළ`ග තබා ගැනීමේ සිද්ධියක් මතය.

පසුව ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු එල්. ටී. ටී. ඊ. සංවිධානයේ බුද්ධි අංශයේ කිළිනොච්චිය ප‍්‍රාදේශීය නායකයා වශයෙන් සිටි බව පිළිගෙන තිබේ.

ඒ අනුව 2011 වසරේදී ඔහුට එරෙහිව නඩු පවරා ඇති අතර එම නඩුව කොළඹ මහාධිකරණය දක්වා රැුගෙන යෑමෙන් පසුව මෙම තීන්දුව ලැබී තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment