අධිබලැති බෝම්බය විනාශ කරන්න පොලිසිය අධිකරණයට යයි

276

මුලතිව් පුදුකුඞීරිප්පු ඉරණපාලෙයි ප‍්‍රදේශයෙන් කිලෝ ග‍්‍රෑම් 250 කට වඩා බර අධිබලැති විශාල ජීව බෝම්බයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පුදුකුඞීඉරිප්පු පොලිසිය ප‍්‍රකාශ කළේ යුද්ධය හමාර වීමෙන් පසුව මුලතිව් ප‍්‍රදේශයෙන් සොයා ගන්නා ලද විශාලතම බෝම්බය මෙය බවයි.

ඉරණපාලෙයි ගම්මානයේ වැසියෙකුගේ ඉඩමක් සුද්ද පවිත‍්‍ර කරමින් සිටියදී මෙම බෝම්බයෙන් කොටසක් පොළොවෙන් උඩට මතු වීමෙන් පසුව ඔහු ඒ බව පොලිසියට දැනුම් දී තිබේ. පොලිසිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමග පැමිණ පොළොව හාරා එම බෝම්බය ගොඩ ගෙන තිබේ. මෙම විශාල ජීව බෝම්බය යුද්ධයේ අවසන් කාල වකවානුවේදී භාවිත කරන ලද එකක් බවට විශ්වාස කරන මුලතිව් පුදුකුඞීරිප්පු පොලිසිය එය පුපුරුවා විනාශ කිරීම් සඳහා මුලතිව් අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment