අධිභාර බද්දට ශී‍්‍රලනිපය විරුද්ධයි – ශාන්ත බණ්ඩාර

122

සේවක අර්ථසාධක අරමුදලෙන් (ඊපීඑෆ්) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් (ඊටීඑෆ්) සියයට 25ක අධිභාර බද්දක් අයකිරීමට ආණ්ඩුව ගත් තීරණයට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සම්පූර්ණයෙන්ම විරුද්ධ යැයි එම පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශී‍්‍රලනිප මූලස්ථානයේ ඊයේ (11 දා) පැවති පුවත්පත් සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

කොරියාවේ සංචාරයක නිරතව සිටි පක්‍ෂ නායක, හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මෙරටට පැමිණි සැණින් දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව සහ පරිපාලන කමිටුව රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කර ඉදිරියේදී පක්‍ෂය ගන්නා තීරණය ප‍්‍රකාශ කරන බවද ඒ මහතා කීය.

කම්කරු ඇමැති නිමල් සිරිපාල මහතා ද මෙම තීරණයට විරුද්ධ බවද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment